Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th July 2024 17:29:03 Hours

ගැමුණු හේවා සේවා වනිතා ශාඛාවෙන් මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ගැමුණු හේවා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනෝරි වෙලගෙදර මහත්මියගේ මගපෙන්වීම යටතේ ඒම සේවාවනිතා ශාඛාවේ‍ සාමාජිකාවන් 2024 ජූලි මස 27 දින මහරගම අපේක්‍ෂා රෝහලේ සංචාරයක නිරතවිය.

මෙම සංචාරයේ දී එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් එම රෝහලේ රෝගීන්ගේ සුවදුක් විමසමින් ඔවුන් හට රු. 500,000.00 ක් වටිනා ඖෂධ සහ ත්‍යාග පාර්සල් පරිත්‍යාග සිදු කරණ ලදී. මෙම අවස්ථාවට එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් විසින් සහයෝගය ලබාදෙන ලදී.