Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th July 2024 18:15:36 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ස්වේන්ද්‍රිනී රොද්‍රගෝ මහත්මියගේ මගපෙන්වීම යටතේ 2024 ජූලි මස 25 දින 4 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහනේදී 100 කට අධික යුද්ධ හමුදා භට පිරිසක් රුධිරය පරිත්‍යාග කළ අතර, නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සේවය නියුතු වෛද්‍ය නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලදී.

මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.