Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th July 2024 18:18:38 Hours

පල්ලෙකැලේ ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පැවැත්වේ

පල්ලෙකැලේ ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් 2024 ජූලි මස 24 දින ‘හෙලෝ සමර්’(Hello Summer) තේමාව ඔස්සේ සිය වාර්ෂික ක්‍රීඩා උළෙල පල්ලෙකැලේ ‘විරු කැකුළු’ ක්‍රීඩා පිටියේදී පැවැත් විය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

වාර්ෂික ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා එම පරිශ්‍රයට සපැමිණි ජානකී ලියනගේ මහත්මියව එම පෙරපාසලේ දැරුදැරියන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදී, පැවති විවිධ ක්‍රීඩා සහ විනෝදාත්මක අංගයන් සඳහා එම පෙර පාසලේ සියලුම දරු දැරියන් සහභාගී වූහ

ඉන්පසු ප්‍රධාන ආරාධිත අමුත්තිය විසින් පෙර පාසලේ දරුදැරියන් වෙත ත්‍යාග පිරිනැමීමෙන් අනතුරුව දරුදැරියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ අදහස් හුවමාරු කර ගනිමින් පැවති තේපැන් සංග්‍රහය සඳහා එක්විය. එතුමිය පෙර පාසලෙන් පිටත්ව යාමට පෙර විශේෂ අමුත්තන්ගෙ සමරු සටහන් පොතේ සටහනක්ද තැබීය.

මෙම අවස්ථාව සඳහා සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සහ විරු කැකුළු පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ නිලධාරිනී ප්‍රසාදිනී රණසිංහ මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සෙසු නිලයන් සහ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.