Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th July 2024 09:30:29 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව විසින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව විසින් 2024 ජූලි මස 21 දින කඩවත්මඩුව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

බෝධිරුක්ඛාරාම දහම් පාසලේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් අසූතුන් දෙනකු වෙත ජාතික ඇඳුම් සඳහා රෙදි සහ පොත්පත් ප්‍රදානය සිදු කෙරුනු අතර, ධර්ම ශාලාවේ බිත්තිවල වර්ණ ගැන්වීම සඳහා අවශ්‍ය තීන්ත සහ අනෙකුත් ද්‍රව්‍ය විහාරස්ථානයට පරිත්‍යාග කරන ලදී. මෙහිදී මහා සංඝරත්නය උදෙසා දානය පූජා කිරීම සහ සියලුම දරුදැරියන් වෙත කිරි බෝතල් සමඟ දිවා ආහාර පැකට් බෙදාදීමද මෙම වැඩසටහනේදී සිදු විය. මෙම අවස්ථාවට ලලිත් අමරනාත් මහතා සහ එන් ඉලේපෙරුම මහත්මිය විසින් අනුග්‍රහක දායකත්වය දැක්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී සහ එම බලකා සේවාවනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මිය ඇතුළු එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහභාගී වූහ.