Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th July 2024 09:34:15 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සහ චිත්‍ර ප්‍රදර්ශනයක්

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රසාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ වැඩසටහන් මාලාවක් 2024 ජූලි මස 18 දින කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සහ සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් එක්ව සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාග කිරිමේ වැඩසටහන මෙහි ප්‍රධානතම අංගය විය. “මගේ ඇසින් සිංහල අලුත් අවුරුද්ද” තේමාව යටතේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයේදී දක්ෂතා දැක්වූ නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ දරුදැරියන් නව දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කිරීම තවත් අංගයක් වශයෙන් ජානකී ලියනගේ මහත්මියගේ සුරතින් සිදු විය.

තවද, මෙම අවස්ථාවේදී එම රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සහ සිවිල් සේවක මහතුන් වෙත වියළි සලාක ඇසුරුම් සහිත පාර්සල් 25 ක් බෙදා දෙන ලදී. “අවබෝධය තෘප්තිය සහ අපගේ ජීවිතය” තේමාව යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක වන කුමුදු කරුණාරත්න මහත්මිය විසින් පවත්වන ලද දේශනයකින් වැඩසටහනේ කටයුතු අවසන් විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, සිවිල් සේවකයන් සහ ඔවුන්ගේ දරුදැරියන් සහභාගී වූහ.