Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

24th July 2024 17:10:18 Hours

මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පැවැත්වේ

මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන් 2024 ජූලි මස 23 දින එම පෙර පාසල් පරිශ්‍රයේදී පැවැති ඔවුන්ගේ වාර්ෂික ක්‍රීඩා හමුවේදී ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා සහ සෞන්දර්ය කුසලතා පෙන්නුම් කළහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සමඟින් එම සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් කිහිපදෙනෙකුද සහභාගී වූහ. ක්‍රීඩා උත්සවය සඳහා සපැමිණි ප්‍රධාන ආරාධිත අමුතිය එම පෙරපාසලේ දරු දැරියන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදී, විවිධ ක්‍රීඩා සහ විනෝදාත්මක අංගයන් සඳහා එම පෙර පාසලේ සියලුම දරු දැරියන් සහභාගී වූහ.

මෙහි දී ප්‍රධාන ආරාධිත අමුතියගේ සුරතින් මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙර පාසලේ දරු දැරියන් වෙත ත්‍යාග ප්‍රදානයද සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුරංගි අමරපාල මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පෙරපාසල් ගුරු භවතුන්, දෙමාපියන් සහ දරු දැරියන් පිරිසක් එක්ව සිටියහ.