Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd July 2024 18:32:51 Hours

ගාල්ල ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පැවැත්වේ

ගාල්ල ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2024 ජූලි මස 22 දින ගාල්ල ප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා කඳවුරු පරිශ්‍රයේ ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර එම පෙරපාසලේ ළමුන් විසින් මෙම ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා එතුමිය උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදී, තූර්ය වාදක සංදර්ශනය, සුපිරි වීරයන්ගේ ක්‍රීඩාව, මී මැස්සන්ගේ ක්‍රීඩාව, කමාන්ඩෝ ක්‍රීඩාව, බෝනික්කන් ඇඳීම, සිනහවීමේ ක්‍රීඩාව, රවුම් ඇඳීමේ ක්‍රීඩාව, බෝල එකතු කිරීමේ ක්‍රීඩාව, පන්දු යැවීමේ ක්‍රීඩාව, සමතුලිතාව පවත්වාගැනීමේ ක්‍රීඩාව, තොප්පි මාරුකිරීමේ ක්‍රීඩාව සහ සරඹ සංදර්ශනය ඇතුළු විවිධ ක්‍රීඩා සහ විනෝදාත්මක අංගයන් සඳහා එම පෙර පාසලේ සියලුම ළමුන් සහභාගී වූහ.

මෙම ක්‍රීඩා උළෙල අතරතුරදී, කුඩා දරු දැරියන්ගේ දෙමාපියන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ තරඟ ඉසව් පැවැත්විණි.

මෙම අවස්ථාවට 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් එන්. මහවිතාන, යුද්ධ හමුදා සේවා වනිතා කාර්යාලයේ නිලධාරීන්, කුඩා දරු දැරියන්ගේ දෙමාපියන් සහ භාරකරුවන් සහභාගී වූහ.