Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd July 2024 15:48:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් මූලික යුධෝපකරණ ගබඩාව සමඟ එක්ව 2024 ජූලි මස 17 දින රාගම ප්‍රදේශයේ පිහිටි ‘ACCC’ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම සහ භඨකාර්ය සම්පාදක ආඥාපති හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙම උත්සවය අතරතුරදී, යුධෝපකරණ බලකා සංස්කෘතික නර්තන කණ්ඩායම සහ කැලිප්සෝ කණ්ඩායම විසින් ඇස්බැන්දුම් සංදර්ශනයක්, නර්තන සහ ගායන අංගයන් ඉදිරිපත් කරමින් මෙම අවස්ථාව වර්ණවත් කරනු ලැබීය. ඉන් අනතුරුව, එම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසික ළමුන් වෙනුවෙන් පෝෂ්‍යදායි දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමිණි.

මෙම වැඩසටහනට සමගාමීව, ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය වෙනුවෙන් විදුලි සම්මිශ්‍රකය (බ්ලෙන්ඩර්), විදුලි පංකා, සිවිලිම් විදුලි පංකා සහ විනෝදාස්වාද භාණ්ඩ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබිණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ. බ්ලෙන්ඩර්