Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd July 2024 05:53:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පොත් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ජූලි මස 19 දින පාසල් උපකරණ සහ පොත් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මියගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. එහිදී, පාසල් හයක ඉගෙනුම ලබන සිසු සිසුවියන් 300 දෙනෙකු වෙත වසරක් සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණී.

මෙම වැඩසටහන සඳහා Capital City රොටරි සමාජය සහ Regent Teas පුද්ගලික සමාගයේ ආචාර්ය එස්.රාජපක්‍ෂ, ජාලිය බෝදින්නාගොඩ, වී. පෙරේරා සහ එච්. ද සිල්වා යන මහත්වරුන් සිය මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.