Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th July 2024 17:49:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ධූරයේ රාජකාරි භාර ගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස ලිලන්ති දොලගේ මහත්මිය 2024 ජූලි මස 18 දින එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවති කෙටි උත්සවයකින් අනතුරුව ධූරයේ රාජකාරි කටයුතු භාර ගන්නා ලදී.

මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ලිලන්ති දොලගේ මහත්මිය නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබුවාය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් නව සභාපති තුමියට සුබ පැතුම් පිරිනැමීය.