Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th July 2024 17:49:32 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් කඩුවෙල වැඩිහිටි නිවාසයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක්

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිමාලි රණතුංග මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 ජූලි මස 14 දින කඩුවෙල විල්බට් පෙරේරා වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 26 දෙනෙකු වෙනුවෙන් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට පිරිස් සහ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රැවුල් කැපීම , නැහැවීම සහ එම වැඩිහිටි නිවාසය සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කරන ලදී. අනතුරුව, ආගමික වතාවත් පැවැත් වීම හා පෝෂ්‍යදායී දිවා භෝජන සංග්‍රහයක් පැවැත් වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත ත්‍යාග සහ වැඩිහිටි නිවාසයට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ද බෙදා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා 1 බළකායේ බලකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ජි.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ඒම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ