Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th July 2024 18:44:24 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියළි සලාක ආහාර පාර්සල් 200ක් බෙදා දෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මගපෙන්වීම යටතේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ අධීක්ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ නැගෙනහිර රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සහ සිවිල් සේවක සාමාජිකයන් වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ දී 2024 ජූලි මස 18 දින වියළි සලාක ආහාර පාර්සල් 200ක් බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභපතිනිය සහභාගී වූ අතර අනතුරුව, එතුමිය වියළි සලාක ආහාර පාර්සල් ප්‍රතිලාභින් වෙත බෙදා දෙන ලදී

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වූහ.