Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th July 2024 19:10:44 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනී ලෙස තුෂාරි අබේසිංහ මහත්මිය 2024 ජූලි මස 15 දින එම රෙජිමේන්තු මූලස්ථානයේ දී ආගමික වතාවත්වලට පෙර පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි භාර ගත්තාය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා සේවා වනිතා ශාඛාවේ ලේකම් චතුරානි ඕවිටිගල මහත්මිය විසින් තුෂාරි අබේසිංහ මහත්මිය උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව විධායක සේවා වනිතා සාමාජිකයින්වන නයෝමි ද සිල්වා මහත්මිය සහ අචිනි මහකුඹුර මහත්මිය විසින් නව සභාපතිනිය වෙත මල් කළඹක් පිරිනමන ලදී.

ආගමික වතාවත්වලින් අනතුරුව, තුෂාරි අබේසිංහ මහත්මිය සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා නිල ලේඛනයකට අත්සන් තබමින් සියධූරයේ රාජකාරි ආරම්භ කළාය. අනතුරුව, එම සේවා වනිතා ශාඛාවේ නව සභාපතිතුමිය වෙත ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ කාන්තා නිලධාරිනියන් සිය සුබ පැතුම් පිරිනැමූහ.