Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th July 2024 14:05:14 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් රුක් රෝපණ වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය නිමිත්තෙන් 2024 ජූලි මස 12 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ බලඇණි වල රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනීගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සිදු කරන ලදී

56 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් S. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් එම ප්‍රදේශයේ පැළ 1390 ක් (නා , මහුනා, මහෝගනිය, වල්ලපට්ට) සිටුවීමේ වැඩසටහනක් 2024 ජූලි මස12 දින ක්‍රියාත්මක කරන ලදී. මල්ලාවි ජාතික විද්‍යාලයේ සහ තෝරන්කන්දල් මහා විද්‍යාලයේ සිසු සිසුවියන්, ගුරුභවතුන්, වන සංරක්ෂණ නිලධාරීන්, රාජ්‍ය නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් ආලන්කුලම් රක්ෂිතයේ අතහැර දැමූ ඉඩමක පැල සිටුවීම සිදුකරන ලදී