Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th July 2024 13:57:59 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරයට සමගාමීව 1 බලකායෙන් රුක් රෝපණ වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය සැමරුම වෙනුවෙන් 1 බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි මස 12 දින එම බලකා පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයක් මත 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ජි.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබීය.

මෙම වැඩසටහනේදී පැළ 300කට ආසන්න ප්‍රමාණයක් රෝපණය කරන ලදී. මෙම අවස්ථාවට 1 බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.