Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th July 2024 14:08:37 Hours

ගැමුණු හේවා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් හා පවුලේ සාමාජිකයින් වෙත උපහාර

ගැමුණු හේවා සේවා වනිතා ශාඛාව විසින් එම රෙජිමේන්තු මද්‍යස්ථාන පරිශ්‍රයේ දී යුද්ධ හමුදා සාමාජිකන් හා පවුලේ සාමාජියින් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලය වෙත උපහාර දැක්වීම වෙනුවෙන් 2024 ජූලි මස 05 දින උත්සවයක් සංවිධානය කරන ලදී.

ගැමුණු හේවා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනෝරි වෙලගෙදර මහත්මියගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය මෙම අවස්ථාවට සහභාගී විය. සේවයේ නියුතු හා විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන්, සිවිල් සේවක මහතුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා ඇස් කණ්ණාඩි ඇතුළු වෛද්‍ය ආධාර බෙදාදීම මෙම වැඩසටහනේ දී සිදු විය. එම අවස්ථාවේ දී ජානකී ලියනගේ මහත්මිය විසින් සෙබළෙකුගේ පවුලේ සාමාජිකයෙකු වෙත කෘත්‍රිම පාදයක් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාවේ දී උසස් පෙළ විභාගයේ විශිෂ්ට ජයග්‍රහණ හිමිකරගත් යුද්ධ හමුදා පවුල්වල විශේෂ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

ගැමුණු හේවා රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම අරමුණුන් ඉදිකරනල ජල පිරිපහදු යන්ත්‍රය ජානකී ලියනගේ මහත්මිය ගේ සුරතින් විවෘත කරන ලදී