Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th July 2024 12:12:30 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් 2024 ජූලි මස 12 දින 12 පාබල සේනාංක පරිශ්‍රයේ දී රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයකට අනුව 12 සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.පී.ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සිදු කරන ලදී.

වැඩසටහනේදී මී, දිවුල්, ඇහැළ සහ නෙරළු පැළ 280ක් රෝපණය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.