Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th July 2024 18:58:48 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සහ ශ්‍රී ලංකා රයිෆල් බලකා සේවා වනිතා ශාඛාවේ මාසික මහසභා රැස්වීම සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සහ ශ්‍රී ලංකා රයිෆල් බලකා සේවා වනිතා ශාඛාවේ මාසික මහසභා රැස්වීම 2024 ජූලි මස 07 දින 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජී. ස්වර්ණලතා මහත්මියගේ මූලිකත්වයෙන් පැවති මෙම මාසික මහසභා රැස්වීමේදී සොල්දාදුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති වත්මන් පියවර සහ ක්‍රියාත්මක කිරීමට නියමිත අනාගත ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කෙරිණි.

සොල්දාදුවන්ගේ වෙනස්වන අවශ්‍යතාවයන් වෙනුවෙන් ක්‍රියාශීලී ප්‍රවේශයන්ගේ වැදගත්කම පිළිබඳ සභාපතිතුමිය මෙහිදී අවධාරණය කළාය. ඉන් අනතුරුව, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත පාසල් නිල ඇඳුම් පරිත්‍යාග වැඩසටහන පිළිබඳව ද එම සේවා වනිතා සාමාජිකාවන් සාකච්ඡා කළහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සහ ශ්‍රී ලංකා රයිෆල් බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.