Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th July 2024 18:53:43 Hours

4 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් වෛද්‍ය ආධාර අවශ්‍යතා සහිත භටපිරිස් වෙත මූල්‍යාධාර පිරිනමයි

ඉංජිනේරු සේවා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදිතා පෙරේරා මහත්මියගේ මූලිකත්වයෙන් 4 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙතින් බ්‍රහස්පතින්දා (2024 ජුනි මස 27) දින එම සේවා වනිතා ශාඛාව ඔස්සේ මූල්‍ය පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

වෛද්‍ය ආධාර අවශ්‍යතා සහිත තෝරාගත් භටපිරිස් සහ සේවයේ නියුතු සොල්දාදුවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත එම පහසුකම් සැලසීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන යටතේ ප්‍රතිලාභින් 06 දෙනෙකු වෙත මූල්‍ය පරිත්‍යාගයන් පිරිනැමිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේවා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදිතා පෙරේරා මහත්මිය සහභාගී වූ අතර 4 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජී.ඒ. බන්දුල ගේ භාර්යාව වන අනුෂා චන්ද්‍රරත්න මහත්මිය ද ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.