Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th July 2024 19:05:05 Hours

ඉංජිනේරු සේවා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම පැවැත්වේ

ඉංජිනේරු සේවා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදිතා පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය මත 2024 ජූලි මස 06 දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේදී එම සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම පැවැත්විණි.

වාර්ෂික මහසභා රැස්වීමේ ආරම්භය සනිටුහන් කරමින් ඉංජිනේරු සේවා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ලේකම් ජයනි වීරසිංහ මහත්මිය විසින් පෙර රැස්වීමේ අයවැය වාර්තාව ඉදිරිපත් කරන ලදී.

ඉන් අනතුරුව, මෙම වසර තුළ සිදුකරනු ලැබූ සුභසාධන කටයුතු සහ සැලසුම් කර ඇති අනාගත ව්‍යාපෘතීන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙම වාර්ෂික මහසභා රැස්වීම අතරතුරදී, ‘සීමාසහිත බ්‍රිටිෂ් කොස්මෙටික්ස්’ (British Cosmetics) පුද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් ‘Personal Grooming’ තේමාව ඔස්සේ වැඩමුළුවක් පවත්වන ලදී.

වාර්ෂික මහසභා රැස්වීමේ සමාප්තිය සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයක් සඳහා සියලු සාමාජිකාවන් සහභාගී වූහ.