Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th July 2024 19:20:53 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් 200 ක් බෙදාදීමේ වැඩසටහනක් 2024 ජූලි මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මියගේ සුරතින් එම ප්‍රතිලාභීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් පිරිනැමිණි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා එ්කකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.