Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th July 2024 21:33:14 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ‘අභිමංසල - 2’ සුවතා නිකේතනයේ සංචාරයක

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනෝරි වෙලගෙදර මහත්මියගේ මඟපෙන්වීම යටතේ ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2024 ජුනි මස 29 දින කඹුරුපිටිය අභිමංසල 2 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය. මෙම සංචාරයේ අරමුණ වූයේ එම සුවතා නිකේතනයේ පුනරුත්ථාපන වන රණවිරුවන්ගේ සුවදුක් සොයාබැලීමයි.

මෙම සංචාරය අතරතුරදී එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙත තේපැන් සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව, 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් සංගීත රසාස්වාදය ලබාදුන්හ. සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මනෝරි වෙලගෙදර මහත්මිය විදුලි බුබුළු සහ අත්‍යාවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍යයන්ගෙන් සමන්විත ත්‍යාග පාර්සල් පිරිනැමූහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී විය.