Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th July 2024 05:57:21 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී පරිත්‍යාග වැඩසටහනක් 2024 ජූලි මස 06 දින පැවැත්විණි.

මෙම වැඩසටහනේදී රණවිරුවන් 11 දෙනෙකු වෙත ඔවුන්ගේ ඉදිකරමින් පවතින නිවාස සම්පූර්ණ කිරීම සඳහා රු.200,000.00 බැගින් මුල්‍යමය ආධාර ප්‍රධානය කරනු ලැබීය. කොළඹ, ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 95 කණ්ඩායම මෙම ව්‍යාපෘතියට අනුග්‍රාහකත්වය දැක්වූ අතර, එහිදී මෙම වැඩසටහනට සමගාමීව, රණවිරුවන් දෙදෙනෙකුගේ ආබාධිත දරුවන් දෙදෙනෙකු සඳහා රෝද පුටුවක් සහ නාන කාමර උපාංග කට්ටලයක් ද පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ 95 කණ්ඩායමේ සාමාජිකයින් සහභාගී වූහ.