Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th July 2024 08:03:30 Hours

දිවංගත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයෙකුගේ පවුලේ සාමාජිකයන් වෙත නව නිවසක්

යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ බිබිල, කෝන්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් ජී.ඩී. කුමාරසිංහ ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ජුනි මස 30 දින නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උත්සවයකදී මෙම නව නිවස නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත පවරාදෙනු ලැබීය. එහිදී, ජානකී ලියනගේ මහත්මියගේ සුරතින් නව නිවස සඳහා අවශ්‍ය විදුලි උපකරණ ද නිවාසලාභීන් වෙත පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.