Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th July 2024 14:06:24 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභපතිනි දියතලාව ප්‍රදේශයේ සංචාරයක

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම මත 2024 ජූලි මස 01 දින එම ඒකකය වෙතින් ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ඇල්ලේගම මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 177 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී පැවති විවිධ ප්‍රසංගය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ගුරු භවතුන්, සිසු සිසුවියන් සහ දෙමාපියන් සහභාගි වූහ.

අධ්‍යාපන හා පරිපාලන කටයුතු, පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය විසින් දියතලාව ‘විරු කැකුළු’ පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සංචාරයක ද නිරත විය.

අනතුරුව, දියතලාව ගොල්ෆ් ක්‍රීඩාපිටියේදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභපතිනිගේ සුරතින් වියළි ආහාර සලාක පාර්සල් 100 ක් පරිත්‍යාග කෙරිණි.

පසුව, දියතලාව ‘Shop of the Garrison’ සාප්පු සංකීර්ණයේ සංචාරයක නිරත වූ එතුමිය ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කරමින් එම සංකීර්ණයේ වැඩකටයුතු පිළිබඳව ද සොයාබැලීය.