Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd July 2024 18:54:42 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව වෙතින් වැඩිහිටි නිවාසයක් සඳහා දානමය වැඩසටහනක්

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රශාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් අම්බලන්ගොඩ පිහිටි වරුසවිතාන වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මාසික දානමය වැඩසටහන 2024 ජුනි මස 29 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවක් වන දිල්හානි ප්‍රියලාල් මහත්මිය විසින් මෙම දානමය පිංකම සඳහා සිය අනුග්‍රාහකත්වය දැක්වීය.

මෙම අවස්ථාවට සන්නද්ධ බුද්ධි බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.