Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd July 2024 14:27:43 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවෙන් ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 ජුනි මස 28 දින ඇස් කණ්නාඩි ලබාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වන ලදී.

වැඩසටහනේදී අක්‍ෂි‍ ආබාධ වලින් පෙළෙන යුද්ධ හමුදා හා සිවිල් සේවක මහතුන් 67 දෙනෙකු වෙත සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා ඇස් කණ්නාඩි ලබාදුන්හ. මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළුව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සිය සහයෝගය ලබාදුන්හ.