Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd July 2024 14:19:13 Hours

පොසොන් පොහොය නිමිත්තෙන් යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව දන්සැලක් පවත්වයි

යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු බලකා සේවා වනිතා ශාඛාව සහ එම රෙජිමේන්තු මධ්‍යස්ථානය එක්ව පොසොන් පොහොය නිමිත්තෙන් 2024 ජුනි මස 21 දින රංගිරි දඹුලු රජ මහා විහාරස්ථානය ඉදිරිපිට දන්සැලක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී විය.