Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st July 2024 14:27:49 Hours

යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ හා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ මගපෙන්වීම යටතේ 4(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් 2024 ජුනි මස 27 දින වත්තේගම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

වැඩසටහන අතරතුරදී එම ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් සහ ත්‍යාග පිරිනැමූ අතර, ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත වියළි ආහාර සලාක ඇසුරුම් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්ද සිදුකරන ලදී. එහිදී ළමුන් වෙනුවෙන් විනෝදාස්වාදජනක වැඩසටහනක්ද පැවැත්වීය.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූහ.