Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st July 2024 14:22:58 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පොසොන් දන්සලක් සංවිධානය කරයි

පොසොන් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී (වෛද්‍ය) නිල්මිණි ප්‍රනාන්දු මහත්මියගේ මගපෙන්වීම යටතේ 2024 ජුනි මස 21 දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී බත් දන්සලක් පවත්වන ලදී.

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී විසින් දන්සල විවෘත කළ අතර, මෙම පුණ්‍ය කටයුත්ත සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.