Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th June 2024 18:40:28 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ගැබිනි මව්වරුන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩසටහනක්

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නිමාලි රණතුංග මහත්මියගේ සංකල්පයකට අනුව එම රෙජිමේන්තුවේ සෙසුනිලයින්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ ගැබිනි භාර්යාවන් 28 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය භාන්ඩ ලබාදීමේ වැඩසටහනක් 2024 ජුනි මස 17 වන දින පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහභාගී විය. වැඩසටහන අතරතුරදී සිවිල් සේවක මහතෙකුගේ නිවසක් ඉදිකරදීම සඳහා මූල්‍ය පරිත්‍යාගයක් ද ලබාදෙනු ලැබීය. මෙම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.