Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th June 2024 15:13:34 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන ළමුන් වෙත ශිෂ්‍යත්ව පිරිනමයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ මගපෙන්වීම යටතේ, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2024 ජුනි මස 27 දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පවත්වනු ලැබූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ආරාධනයෙන් එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

මෙම උත්සවයේදී යුද්ධ හමුදා සුබසාධන අරමුදල වෙතින් රුපියල් මිලියන 3.5ක මුදලක් වැයදරා ශිෂ්‍යත්ව ලාභී ළමුන් 143 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. එම ප්‍රතිලාභී ළමුන් අතරින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් (කඩඉම් ලකුණු 180 ට වැඩි) ළමුන් 28 දෙනෙකුට රුපියල් 15,000 ක් බැගින්ද, 2022 වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබාගත් ළමුන් 74 දෙනෙකුට රුපියල් 20,000 බැගින් සහ අ.පො.ස (උ/පෙළ) විභාගයෙන් A සාමාර්ථ 3ක් සහිතව විශිෂ්ට දස්කම් දැක්වූ ළමුන් 41 දෙනෙකුට රුපියල් 25,000 බැගින්ද වූ ලංකා බැංකුවේ ලේක්හවුස් ශාඛාවේ නවතමයෙන් ආරම්භ කළ බැංකු ගිණුම් හරහා මුල්‍යමය ප්‍රදානයක් පිරිනැමිණි.

ලංකා බැංකුව විසින් එහිදී, ශිෂ්‍යත්ව ලාභී ළමුන් වෙත අත්‍යාවශ්‍ය පාසල් උපකරණ ලබා දුන්හ. ශිෂ්‍යත්ව බෙදාදීමෙන් අනතුරුව ජානකී ලියනගේ මහත්මිය සහ ලංකා බැංකුවේ නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ වන්නි, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති, යුද්ධ හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල අධ්‍යක්‍ෂවරුවන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ලංකා බැංකුවේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.