Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th June 2024 22:00:47 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ගැබිනි මව්වරුන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇසුරුම් ලබාදීමේ වැඩසටහනක්

පොසොන් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නෙලූකා නානායක්කාර මහත්මියගේ සංකල්පයක් මත එම රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ ගැබිණි භාර්යාවන් 67 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇසුරුම් ලබාදීමේ වැඩසටහනක් 2024 ජුනි මස 21 දින පවත්වන ලදී.

උත්සවය අතරතුරදී, එම රෙජිමේන්තුවේ සෙසුනිලයෙකුගේ භාර්යාවක් විසින් පසුගියදා තුන් නිවුන් දරු ප්‍රසූතියක් සිදුකළ අතර, එම දරුවන් වෙත මාස හයක කාලයක් සඳහා ළඳරු කිරි පිටි පාර්සල් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.