Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th June 2024 19:40:16 Hours

පොසොන් පොහොය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවෙන් පාසල් දරුවන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වරුණි කුලතුංග මහත්මියගේ උපදෙස් මත එම බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායෙහි රාජකාරි කරනු ලබන භටපිරිස්හි ප්‍රාථමික පාසල් අධ්‍යාපනය ලබන අවශ්‍යතා සහිත පාසල් දරුවන් 20 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී.

උත්සවය අතරතුරදී එම භටපිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමුණු අතර, එහිදී වරුණි කුලතුංග මහත්මිය ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්හ. අනතුරුව, එතුමිය එම ඒකකයේ අඹ චට්නි නිශ්පාදන කම්හලේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වී බලඇණි මූලස්ථානයේදී හමුවක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.