Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th June 2024 19:21:34 Hours

පොසොන් පොහෝ දිනය වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් සීනි සම්බෝල සහ පාන් දන්සැලක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයක් මත 2024 ජුනි මස 23 දින කොළඹ 05, යුද්ධ හමුදාධිපති නිල නිවස අසල සීනි සම්බෝල සහ පාන් දන්සැලක් පවත්වනු ලැබීය.

දන්සැල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය එම දන්සැලට සහභාගී වූවන් වෙත සීනි සම්බෝල සහ පාන් බෙදාදීම සඳහා එක් වූහ.

ත්‍යාගශීලීත්ව තුලින් ප්‍රජාව තුල එකමුතුකමේ සහ සහයෝගයේ වටිනාකම පෙන්වා දීම අරමුණු කරගනිමින් මෙම දන්සැල පැවැත්වීය.