Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th June 2024 22:54:42 Hours

පොසොන් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ධර්ම දේශනාවක්

පොසොන් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ සංකල්පයකට අනුව පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් 2024 ජුනි මස 23 දින ධර්ම දේශනාවක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින්, ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වූහ.