Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th June 2024 23:22:37 Hours

3(ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව පුස්ථකාලය විවෘත කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදුලා කස්තුරිමුදලි මහත්මියගේ උපදෙස් මත 3(ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී මේජර් එච්. එච්. එච්. ද සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ සදුන්පුර එම ඒකක පරිශ්‍රයේ ඉදිකරන ලද නව පුස්තකාලය 2024 ජුනි මස16 දින උදුලා කස්තුරිමුදලි මහත්මිය විසින් විවෘත කරන ලදී.

මෙම විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සපැමිණි උදුලා කස්තුරිමුදලි මහත්මිය සියළු නිලයන් ආමන්ත්‍රණය කරමින් පොත් කියවීමේ වැදගත්කම පිළිබද අවධාරණය කළාය. එතුමිය, එහිදී නව පුස්ථකාලය සඳහා වටිනා පොත් පරිත්‍යාගයක්ද සිදු කරන ලදී.