Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th June 2024 19:34:40 Hours

2(ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව පුස්ථකාලය විවෘත කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදුලා කස්තුරිමුදලි මහත්මියගේ උපදෙස් මත 2(ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.ජී.එම් ප්‍රේමතිලක ගේ අධීක්‍ෂණය යටතේ මැදවච්චිය එම ඒකක පරිශ්‍රයේ ඉදිකරන ලද නව පුස්තකාලය 2024 ජුනි මස16 දින විවෘත කරන ලදී.

මෙම අවස්ථාවේදී උදුලා කස්තුරිමුදලි මහත්මිය විසින් සියළු නිලයන් ආමන්ත්‍රණය කරමින්, පොත් කියවීම තුලින් දැනුම වර්ධනය කිරිමේ වැදගත්කම පිළිබද අවධාරණය කළාය. එතුමිය, එහිදී නව පුස්ථකාලය සඳහා වටිනා පොත් පරිත්‍යාගයක්ද සිදු කරන ලදී.