Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th June 2024 23:28:15 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වරුණි කුලතුංග මහත්මියගේ උපදෙස් මත ගජසිංහපුර චෙඩ්ඩිකුලම් රජයේ රෝහලේදී රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 ජුනි මස 21 දින පවත්වන ලදී.

4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එරන්ද ජයවර්ණ සහ එතුමන්ගේ භාර්යාව වන සමදරා මහත්මිය මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු සිදුකරනු ලැබූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් වරුණි කුලතුංග මහත්මිය සහභාගී විය.

වෛද්‍ය ඩබ්ලිව්.එස්.ඒ ප්‍රනාන්දු මහතා ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලදී. ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් සහ ප්‍රදේශවාසීන් 60 දෙනෙකු රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වූ අතර, එහිදී වරුණි කුලතුංග මහත්මිය විසින් රෝහලේ නඩත්තු කටයුතු සඳහා අත්‍යවශ්‍ය පරිසර හිතකාමී විෂබීජ නාශක ලීටර් 100ක් පරිත්‍යාග කිරීම ද සිදුකරනු ලැබීය.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.