Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th June 2024 19:16:05 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් පොසොන් පොහෝ දිනය වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සැලක්

පොසොන් පොහෝ දිනට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ 2024 ජුනි මස 20 දින කොළඹ 05 යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිල නිවස අසල අයිස්ක්‍රීම් දන්සැලක් සංවිධානය කරන ලදී.

ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අයිස්ක්‍රීම් දන්සැල විවෘත කරන ලද අතර, ඒ සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.