Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

24th June 2024 22:34:13 Hours

පොසොන් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවෙන් දන්සැලක්

පොසොන් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ උපදෙස් මත 2024 ජුනි මස 21 දින පනාගොඩ දී මඤ්ඤොක්කා දන්සැලක් පවත්වන ලදී.

යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම දන්සැල සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටි අතර, මෙම පුණ්‍ය කටයුත්ත සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ද සහභාගී වූහ.