Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th June 2024 08:29:45 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් හෝමාගම දොළහේන ප්‍රාථමික විද්‍යාලයට පාසල් උපකරණ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ආචාර්ය හිමාලි නියංගොඩ මහත්මියගේ උපදෙස් මත සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් පී.ඩී.එස්.එන් ගුණරත්න ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 19 දින හෝමාගම දොළහේන ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 99 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.

එහිදී, පාසල් බෑග්, වතුර බෝතල්, පොත් සහ පාවහන් ආදිය ලබාදුන් අතර, තේ පැන් සංග්‍රහයක් සහ දිවා භෝජන සංග්‍රහයක්ද ලබාදී එම ළමුන්ට විනෝදාස්වාදය ගෙනදෙන ක්‍රියාකාරකම්වල නිරත වීමටද අවස්ථාවක් ලබාදුන්හ.

උත්සව කටයුතු අවසානයේදී, ආචාර්ය හිමාලි නියංගොඩ මහත්මිය පාසල් ළමුන් සහ කාර්යය මණ්ඩලය අමතමින්, මෙවැනි වැඩසටහන් මගින් උපරිම ආකාරයෙන් ප්‍රයෝජන ලබාගෙන නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.