Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd June 2024 16:49:07 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බත් දන්සැලක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් පොසොන් පොහොය දින සන්ධ්‍යාවේ දී අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල දී බත් දන්සැලක් පවත්වන ලදී.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මිය සහභාගී වූ අතර, එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 4500 කට ආසන්න පිරිසක් මෙම දන්සලට සහභාගි විය