Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd June 2024 16:39:22 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් මහනුවරදී සව් දන්සැලක්

සොන් පොහොය දිනයට සමඟාමීව ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟින් එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ගංගා හේරත් මහත්මියගේ සහභිත්වයෙන් 2024 ජුනි මස 21 දින මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ දී සව් දන්සැලක් සංවිධානය කරන ලදී.

මල්වතු පාර්ශ්වයේ උප විහාරාධිපති අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් සමඟින් බුවැලිකඩ බෝධිරුක්ඛාරාම විහාරයේ පූජ්‍ය සීලරතන හිමියන් විසින් දන්සල විවෘත කරන ලදී.

ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන බෞද්ධ බැතිමතුන්ගේ පිපාසය සංසිඳුවාලීමේ අරමුණින් මෙම සව් දන්සැල සංවිධානය කරණ ලදී.

එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, සංඥා බලකායේ සියළු ඒකකයන් සහ අනෙකුත් ආයතනයන් විසින් දන්සැල වෙනුවෙන් අත්‍යවශය අමුද්‍රව්‍ය ප්‍රධානය කිරීම සිදුකරණ ලදී. එම අවස්ථාවේ දී දන්සැල සූදානම් කිරීම සහ සාර්ථකව පැවැත් වීම සඳහා සංඥා රෙජිමේන්තු පුහුණු පාසලේ සාමාජිකයින් සහය විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී, ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී විය.