Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st June 2024 13:38:12 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 'සිඟිති සෙවණ' ළමා නිවාසයයේ දී පරිත්‍යාග වැඩසටහනක්

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 2024 ජුනි මස 15 දින මහනුවර ‘සිඟිති සෙවන’ ළමා නිවාසයේ ළමුන් 30 දෙනෙකු සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී සහ එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මියගේ මඟපෙන්වීම යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහන පවත්වන ලදී.

මහනුවර ප්‍රදේශයේ අසරණ දරුදැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම අරමුණු කරගනිමින් මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් එදින සන්ද්‍යාවේ දී ළමා නිවාසයේ දරුදැරියන් වෙනුවෙන් කෙටි ආහාර සහ තේ පැන් සංග්‍රහයක් පවත් වන ලදී.

මෙම වැඩසටහන සඳහා විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගි වූහ.