Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th June 2024 18:24:16 Hours

ලෝක පියවරුන්ගේ දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් වැඩසටහනක්

ලෝක පියවරුන්ගේ දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත එම ඒකකයේ සාමාජිකාවන් විසින් 2024 ජූනි මස 16 දින බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ පිහිටි වැඩිහිටි නිවාසය වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය. එහිදී, එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මානසික සුවය ඉහළ නංවාලීම සඳහා යුද්ධ හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් සංගීත රසාස්වාදය ලබාදුන් අතර, වැඩසටහන සමාප්තියේ ජානකී ලියනගේ මහත්මිය විසින් එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් ද බෙදාදෙන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.