Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th June 2024 18:29:23 Hours

ගංවතුරින් අවතැන් වූ පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ උපදෙස් මත වග ශ්‍රී රතනසාර විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 ජුනි මස 14 දින පවත්වන ලදී.

මෑතක දී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම පාසලට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබූ බැවින් පාසල් සිසු සිසුවියන්ට උපකාර කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.