Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th June 2024 18:27:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ ‘සාහිත සංහිතා’ නම් නව පුස්තකාලය විවෘත කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදුලා කස්තුරිමුදලි මහත්මියගේ උපදෙස් මත ඉදිකරනු ලැබූ ‘සාහිත සංහිතා’ නම් නව පුස්තකාලය 2024 ජුනි මස 12 දින විවෘත කරනු ලැබීය. මෙම නව පුස්තකාලය පරිශීලකයින් සඳහා විශාල ග්‍රන්ථ එකතුවකින් සහ නවීන පුස්තකාල කළමනාකරණ පද්ධතියකින් සමන්විත වේ.

උත්සවය අතරතුරදී, ආරාධිත අමුත්තන් පුස්තකාල පරිශ්‍රයේ පහසුකම් නිරීක්‍ෂණය කළ අතර, එහිදී උදුලා කස්තුරිමුදලි මහත්මිය විසින් සියලුම නිලයන් අමතමින් පොත් කියවීමේ ඇති වැදගත්කම හා එතුළින් මානසික නිදහස පවත්වාගනිමින් රාජකාරී කටයුතු සිදුකිරීම මෙන්ම පුද්ගලික ජීවිතයට එය බලපාන ආකාරය පිළිබඳව ද දැනුවත් කරන ලදී.