Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th June 2024 22:17:39 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් වියළි ආහාර සලාක ඇසුරුම් 200 ක් බෙදා දීමේ වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සහ මධ්‍යම රාජකාරි කරනු ලබන තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහතුන් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් 200 ක් බෙදා දීමේ වැඩසටහනක් 2024 ජුනි මස 12 දින යුද්ධ හමුදා සේවා වනිතා කාර්යාලයේදී සිදුකරනු ලැබීය.

වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

මෙම අවස්ථාවට එම ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.