Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th June 2024 21:23:49 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ නැගෙනහිර සේවයේ නියතු යුද්ධ හමුදා සහ සිවිල් සිවිල්සේවක සමාජිකයන්ට වියළි සලාක පාර්සල් 200ක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ නැගෙනහිර සේවයේ නියතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සිවිල් සේවක මහතුන් වෙනුවෙන් වියළි සලාක පාර්සල් 200ක් බෙදාදීමේ වැඩසටහනක් 2024 ජූනි මස 10 දින ක්‍රියාත්මක කරණු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය විසින් ප්‍රතිලාභීන් වෙත වියළි සලාක පාර්සල් බෙදා දීම සිදු කළේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, එම සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගි වූහ.